BREAKING NEWS
Search

පේරු සංචාරයේදී පාප් වහන්සේට අකරතැබ්බයක්

31

සිය දකුණු ඇමරිකානු සංචාරයේ අවසන් අදියර ලෙස පේරු රාජ්‍යයට පැමිණි ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ එරට අගනුවර වන ලීමාහිදී බැතිමතුන් හමුවී තිබේ.

එහිදී විවෘත රථයක නැඟී ගමන් කරමින් සිටි උන්වහන්සේගේ මුහුණේ බැතිමතෙකු විසින් විසි කරන ලද ජපමාලයක් වැදීම හේතුවෙන් අකරතැබ්බයකට මුහුණදීමට සිදුව ඇත.

පාප් වහන්සේ සිය විශේෂ රථය මගින් ගමන් කරමින් සිටියදී මාර්ගය දෙපස රැස්ව සිටි ජනතාව අතරින් යම් පුද්ගලයෙකු විසින් මෙම ජපමාලය උන්වහන්සේ වෙත විසි කර තිබේ.

එය අල්ලා ගැනීමට උන්වහන්සේ උත්සාහ කළද, එය අල්ලා ගැනීමට නොහැකි වීමෙන් උන්වහන්සේගේ මුහුණේ වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පාප් වහන්සේගේ ආශීර්වාදය ලබාගැනීම සඳහා බැතිමතුන් විසින් මෙලෙස ජපමාල උන්වහන්සේ වෙත ඉදිරිපත් කිරීම සාමාන්‍යයෙන් සිදුවන බවද සඳහන් වේ.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ මෙම සිදුවීමෙන් ඇති වූ අපහසුතාව නොතකා උන්වහන්සේ සිය වීදි සංචාරය අඛණ්ඩව සිදු කර ඇති බවය.

එමෙන්ම, පේරු රාජ්‍යයේ දින හයක සංචාරය අවසන් කරමින් පැවැති දේශනයේදී එරට ජනතාවගෙන් ලැබුණු උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය පිළිබඳව ද පාප් වහන්සේ සිය ස්තුතිය පළ කර ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!