ජාතික ජනබලවේග ආණ්ඩුවේ ප්‍රධානීන් ඇතුළු මැති ඇමැතිවරුන් විශාල වශයෙන් බොරු කියන බවට සමාජය තුළ මතයක් පැතිරවීම අවාසිදායක ලෙස බලපා ඇති බව එම පක්‍ෂයේ ඉහළ කණ්ඩායම් අතර සාකච්ඡවට බඳුන් වී ඇත.
එහිදී එම තත්වය වහා නිවැරදි කිරීමට ගත යුතු ක‍්‍රියාමාර්ග ගැන අවධානය යොමු කර ඇත.
ඒ අනුව ආණ්ඩුව බොරු කියන බවට එල්ල වන චෝදනාවට ප්‍රතිචාර ලෙස විපක්ෂයේ දේශපාලඥයන් පසුගිය කාලයන්හි සිදු කරන ලද අසත්‍ය ප‍්‍රකාශ සම්බන්ධයෙන් වැඩි බරක් තබා ප්‍රචාරය කරවීමට ද ඒවා වැඩි වශයෙන් මතු වන ලෙස අදහස් පළ කිරීමටත් පක්‍ෂයේ කතිකයන්ට උපදෙස් දී ඇත.
මහජන රැළිවල මාධ්‍ය ඉදිරියේ අදහස් පළ කිරීමේදී වඩා සැලකිලිමත් ලෙස අදහස් පළ කරන ලෙසද මැතිවරණ අපේක්ෂකයන්ටත් මැති ඇමතිවරුන්ටත් තදින් උපදෙස දී ඇත.
සමාජ ජාලවලද වැඩි වශයෙන් එල්ල වන මෙම චෝදනාවට පිලිතුරු ලබා දීමට වැඩපිලිවෙලක්ද දැනටමත් සකස් කර තිබේ.
ඊට අමතරය ඉදරි මැතිවරණයෙන් පසුව මාධ්‍ය නාලිකා හා මාධ්‍ය හමු සදහා නවකයන් යොමු කිරීම හැකි තාක් අඩු කර ඒ සම්බන්ධයෙන් අත්දැකීම් ඇති තෝරාගත් කණ්ඩායමක් පමණක් යොමු කිරීමටද අවධානය යොමු කර ඇත.