ශ්‍රීපාද වන්දනාවෙන් ආපසු අවිස්සාවේල්ල බලා ගමන් කළ පුද්ගලයින් පිරිසක් රැගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100කට ආසන්න ප්‍රපාතයකට පෙරළී අනතුරකට ලක්ව තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ නෝටන්බ්‍රිජ් – ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ තුනේ කනුව ප්‍රදේශයේදීය.
අනතුරෙන් රථයේ ගමන් කළ තිදෙනෙකු බරපතළ තුවාල ලබා ලක්ෂපාන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, එයින් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහලට මාරුකර යවා ඇති බව වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුවක් වන්නට ඇති බවට සැක කරන බවයි.
අනතුරෙන් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නෝටන්බ්‍රිජ් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.(Ape Rata)







