BREAKING NEWS
Search

හිටපු ජනාධිපතිලගේ බලතල කප්පාදු කරන්න ආප්ප බානවා වගේ බෑ..!

22

විපක්ෂය තරම් බොරු ගජබින්න ඇද බෑ පක්ෂයක් තවත් නැතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පවා පත් කරගත නොහැකි බෙලහීන විපක්ෂය ඉතාම කුඩා කාරණාවක් පදනම් කරගෙන යම් යම් දුර්මත සමාජගත කිරීමට උත්සාහ කරන බවත් ඔහු සදහන් කරයි.

අද වන විට පාලකයන්ගේ බොහෝ වරප්‍රසාද කප්පාදු කරමින් ඇති බව ද ඇතැම් බලතල ඔවුන් ව්‍යවස්ථාව මගින් සම්මතකරගෙන ඇතැයි ද හෙතෙම පැවසීය.

හිටපු ජනාධිපති වරප්‍රසාද ඉවත් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බවත් එය දවසින් දෙකෙන් ආප්ප බානවා මෙන් කළ නොහැකි බව ද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

 

උපුටා ගැනීම : ලංකා සී නිව්ස්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *