වෙසක් පොහෝ දා රංගන ශිල්පී කළණ ගුණසේකර පැවසු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහු සියලු බෞද්ධ ජනතාවගෙන් සමාව අයැද සිටියා.
උපුටාගැනීමයි.
බෞද්ධ න් ගේ හිත රිදුන නම් සමාවෙන්න ඕන..ඒත් මම අදහස් කලේ එදා උඩුගම් බලා යන්න නේරංජනාවට අතහැරිය පාත්තරය අද ෆෝන් එක බවට පරිවර්තනය වෙලා තියෙන්නේ…ආගම අපි කාලීනව සිවිල් සමාජයට අනුව කියවගත යුතුයි.කෙලෙස් සියල්ලම ෆෝන් එක මත තියලා…ඒත් අපේ සමාජය ඒක කියව ගත්තේ වෙනස් විදිහකට…..
කොහොමත් මේ සිද්ධිය සමග ජෙහාන් කුරුසය අරන් එම හෝ අරගලයට සම්බන්ධ දෙයක් අදාලම නෑ… ඒ වගෙම අම්ම තාත්තා …අනික මම බෞදධ, ඉපදුනේ හැදුනේ වැඩුණේ ගමක නෙවෙයි..මහරගම ,කහතුඩුව, ….නගරයේ ඉපදුනත් ගමක ඉපදුනත් ගමට අපහාස කිරීම නම් ඇත්තටම මානසික අපරාදයක්..
සිවිල් සමාජය තමන් ගේ පරම හතුරා කරගත් ආණ්ඩු පක්ෂයට තියෙන විරොද ආකල්පය මේ පිටින් යවන එක නම් මේකෙ විහිලුම කියවා ගැනීම…අම්මාට බැනීම තාත්තාට බැනීම එයාලම කරගන්න පවක්……
සිංහල බෞද්ධ ජන සමාජයේ ඇතැම් පිරිසක්..පාත්තරය ෆොන් එකට සමාන කිරීම පිළිබඳව ඉතාම අසභ්‍ය වචන වලින් බැණ වදිනකොට ෆෝන් එක තුලින්ම, මට හිතුනේ…මේ සමාජය මොනවගේ හැඩයක එකක් ද කියලා…බුදුන් වහන්සේට බැණ වැදී හෝ ආගමට බැනවැදීමක් එතන කෙසේත් ම සිදුවෙලා නෑ…ආලවක අද එන්නේ වෙනත් ස්වරූපයකින්..
තමන් ගේ හිතේ තියෙන කුණු එළියට අරන් ගහලා ප්‍රෙශර් එක පිට කරගන්නව නම් මේ පෝය දවසේ ඒකත් පිනක් කියලයි මට දැන් හිතෙන්නේ…….මට බැන්න බැනිල්ලට මම ම කල්පනාකරන්නේ කොතනද තේරුම් ගැනිම වැරදුනේ කියලා…
එය අත ඇති ෆෝන් එක තුළින්ම සිදුවීම අමුතුම එකක්..ඇත්තටම කමෙන්ට්ස් කියවීමෙන් පසුව මා හිතන්නේ…සියලු දෙනාම ෆෝන් එක නේරංජනාවට විසිකල යුතුයි යන්නයි….
නේරංජනාවෙන් එගොඩ සහ මෙගොඩ ප්‍රශ්නයක්…අපි මෙගොඩ..සිද්ධාර්ථ නේරංජනාව තරණය කර බුදු වී එම සත්‍ය ලොවට පවසා කාලයක් ගතව අවසන්….පාත්තරය අද කාලීනව ජංගම දුරකථනයට ,ෆෝන් එකට සමාන කිරීම මගේ කියවීම ඇතුළේ කරපු උපකල්පනයක්….එය බැනුම්…ගැරහිලි..දේශපාලනික පලිගැනීම්,අම්මා තාත්තට පලු යන්න බැනුම් වලින් සිවිල් සමාජයේ ඇතැම් කොටස් මට පෙරලා එල්ල කල ප්‍රහාරයෙන් මට යමක් තේරුම් ගන්න හැකි වුනා…
බුදුන් වහන්සේ අංගුලි මාලට වරක් කියනවා අංගුලිමාල මම නැවතී සිටිමි නුඹ නවතින්න යනුවෙන්….ඇත්තටම අපි දුවනවා….බැණ බැන…කුණුහරුප කිය කිය…තේරුම් ගැනීමක් නොමැතිව….
නැවත අපි හිතලා බලමු මේ ෆෝන් එක තුළ ඔබේ මගේ අපේ හික්මීම පිලිබදව…
මට කුඩු වෙන්න ගහන සියලු ලාංකීය මිනිසුන් ගෙන් අහන්න තියෙන්නේ එකම එක දෙයයි..බෞද්ධ දාර්ශනික සංකල්ප වල ඉන්න අපි තව කෙනෙකු ගේ අදහසකට අම්මා තාත්තට බයින්න තරම් කුණු වචන බාවිතාකරලා තමන් ගේ මනස අවුල්කර ගන්න තරම් පුලුවන් උනේ කොහොමද…?
බුදුන් වහන්සේට හෝ බෞද්ධ දර්ශනයට බැනපු තැනක් ඔය වාක්‍ය වල නෑ….එදා සහ අද…සිදුහත් නේරංජනාව තරණය කලානම්..ඇත්තටම ෆොන් එක නේරංජනාවට විසිකරයි..මොකද අද කෙකෙසුන් එක් තැන්කොට ඒකරාශී කරන් පසු තැවෙන..සතුටු ව්‍ර්න දුක් වෙන..බණින ප්‍රධානම බෞතික භාණ්ඩය ෆෝන් එකයි..
එන්න අපි එක එකාට බැණ ගන්නේ නැතුව මේ ෆොන් එක කියන සංකල්පය නේරංජනාවට විසි කරපු..ඒත් අපි කවදාවත් නේරංජනාව තරණය නොකරන නිසා…අපි නේරංජනාවට මෙහා ඉදන්…එකිනෙකාට අපහාස කරමින් බැනගනිමින්..අස්බ්‍ය වචන භාවිතා කරමින් ඉමු…..
මට නම් කිසිම තරහක් නෑ…කිසිම කෙනෙක් එක්ක…. මගේ අදහස ඔබේ පපුව මොළය තුලින් නැවත කියව ගන්න…කිසිම කුණු රොඩ්ඩක් නැතුව….
සැමට ශුභ වෙසක් මංගල්‍යක් වේවා…♥️