BREAKING NEWS
Search

ගම්මන්පිල ඉදිරියේ පිල්ලෙයාන් දුක කියමින් හඬා වැටේ..!

77

දින අනුවක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ භාරයේ සිටින හිටපු හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හමුවී තිබේ.

ගම්මන්පිල මහතා පිල්ලෙයාන් හමුවී ඇත්තේ ඔහුගේ නීතිඥයා ලෙස කටයුතු කරන්නේ තමන් බව පොලිසියට දැනුම් දෙමිනි.

අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ අදාළ හමුව පැය බාගයක පමණ කාලයක් පවත්වා ඇති අතර එහිදී ඔහු කඳුළු සලමින් හඬා වැටුණු බවද උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

සිර මැදිරියක් තුළ තමන් ගෙවන කටුක ජීවිතය ගැනම ඔහු තමන් සමග අදහස් පල කරන ලද බවද හෙතෙම පැවසුවේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා අදහස් පළ කරන බවත් ගම්මන්පිල මහතා තවදුරටත් කියා සිටියේය.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රහස් පොලිස් භාරයේ සිටියි.

Source: Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *