BREAKING NEWS
Search

මන්ත‍්‍රීකම දෙන්න ගත් කෝටි පනහ වහා ආපසු දෙනු – පුලතිසි මෝල් අයිතිකරුගෙන් පක්‍ෂ නායකයෙක්ට රතු නිවේදනයක්

26

ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන බවට පොරොන්දු වී තමන්ගෙන් ලබා ගත් කෝටි පනහක මුදල ආපසු ලබාදෙන ලෙස පොළොන්නරුවේ ප්‍රධානතම සහල් ව්‍යාපාරිකයෙක් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයකට දැනුම් දී තිබේ.

තන්ට පොරොන්දු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නොලැබීම සම්බන්ධයෙන් මෑතකදී එම පක්ෂ කාර්යාලටද ගොඩ වැදී ඔහු දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කර ඇත.

අදාල මුදල ඔහු විසින් ලබාදී ඇත්තේ එම දේශපාලන පක්ෂ ප්‍රධානියාගේ ළඟම හිතවතෙකුට පොළොන්නරුවේ පිහිටි හෝටලයකදී බවද කියැවෙයි.

මෙම මුදල් ලබාගත් පුද්ගලයා සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන්ද දැඩි විරෝධය එල්ල වෙමින් තිබේ.

ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සිටියදී ප්‍රධාන තීන්දු ගැනීම සඳහා එම පුද්ගලයා මැදිහත් වන බවට චෝදනා කරමිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *