BREAKING NEWS
Search

ලොහාන් සහ නාමල්ගේ ගුටි කෙලියක් ශිරන්ති බේරලාලු..?

42

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා අතර උණුසුම් වචන හුවමාරැවක් සිදුව ඇති බව ලංකා සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

කොළඹ පිහිටි නාමල් රාජපක්ෂ මහතාගේ නිවසට රාත‍්‍රි කාලයේ පැමිණ ඇති ලොහාන් රත්වත්තේ සමග සිදුවූ මෙම බහින්බස්වීම ගුටිබෙට හුමෝරුවක් දක්වා වර්ධනය වීම නිවසේ සිටි පිරිසේ මැදිහත් වීමෙන් වලක්වා ඇතැයිද ලංකා සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සම්බන්ධයෙන් දෙදෙනා අතර මෙම වචන හුවමාරු සිදු වී ඇති බවත්, නිවසේ සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැදිහත්වී මෙම වචන හුවමාරුව ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය නොවීමට වලබලාගෙන ඇති බවද එහි වැඩි දුරටත් වාර්තා කර ඇත.

ලොහාන් රත්වත්තේ මහතා එහිදී තදින්ම සඳහන් කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට සහාය දිය යුතු බවත්, නමුත් නාමල් රාජපක්ෂ මහතා ඒ සඳහා පක්‍ෂයක් ලෙස ගත හැකි ක‍්‍රියාමාර්ග පෙන්වා දුන් අවස්ථාවේ මෙම වචන හුවමාරුව සිදු වී ඇති බවද එහි වැඩි දුරටත් වාර්තා කර ඇත.

Source : Lanka C News

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *