ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වීමට කොළඹට පැමිණ සිටින එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරු ඇරන් ජෝන්ස්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ක්‍රිකට් තහනමක් පනවා තිබේ.
ඔහුට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් මණ්ඩලයේ සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහයන් උල්ලංඝනය කිරීමේ චෝදනා 5ක් එල්ල වී ඇති බව අයිසීසීය කියයි.
2023-24 වසරේ බාබඩෝස් හි පැවති Bim 10 තරගාවලියේදී තරග පාවාදීමට උත්සාහ කිරීම හෝ තරග ප්‍රතිඵලයට අනිසි ලෙස බලපෑම් කිරීමල දූෂිත ක්‍රියාවන් සඳහා තමන් වෙත පැමිණි යෝජනා බලධාරීන්ට වාර්තා කිරීමට අපොහොසත් වීමල දූෂණ විරෝධී ඒකකයේ නිලධාරීන්ට සහයෝගය නොදැක්වීම සහ සාක්ෂි වසන් කරමින් විමර්ශන කටයුතුවලට බාධා කිරීම යන චෝදනායි ඔහුට එල්ල වී ඇත.
Divaina







