BREAKING NEWS
Search

ලොවක් කැළඹූ බොලිවුඩ් සුපිරි නිළිය හදිසියේම මිය ගිය හේතුව හෙලි වෙයි !

3296

“කාන්ටා ලගා” (Kaanta Laga) ගීතයෙන් ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ බොලිවුඩ් නිළි ෂෙෆාලි ජරිවාලා, 2025 ජූනි 27 වන දින වයස අවුරුදු 42 දී මුම්බායි හිදී අභාවප්‍රාප්ත විය. වාර්තා වන අන්දමට ඇය මියගොස් ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙනි. ඇගේ සැමියා වන පරාග් ත්‍යාගි විසින් ඇයව බෙල්වු බහුවිශේෂඥ රෝහල (Bellevue Multispecialty Hospital) වෙත කඩිනමින් රැගෙන ගොස් ඇති අතර, රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බවට එහිදී ප්‍රකාශ කර ඇත.

 

 

ෂෙෆාලි වසර 15ක පමණ කාලයක් අපස්මාර රෝගයෙන් පෙළුණු බවත්, හෘද රෝගවලට සම්බන්ධ නොවූ සමේ රෝගාබාධ කිහිපයක් සඳහා ද වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බවත් අනාවරණය වී තිබේ. පසුගිය වසර හත අටක කාලය පුරාවට ඇය වයස්ගත වීම පාලනය කිරීමේ (anti-ageing) ඖෂධ නිතිපතා ලබාගෙන ඇති බවත්, මියගිය දිනයේ නිරාහාරව සිටියදී මෙම ඖෂධයේ එන්නතක් ලබා ගැනීම ඇගේ හෘදයාබාධයට ප්‍රධාන සාධකයක් වන්නට ඇති බවටත් වාර්තා පළ වේ.

කූපර් රෝහලේදී (Cooper Hospital) පවත්වන ලද ඇගේ මරණ පරීක්ෂණයෙන් නිශ්චිත නිගමනයකට එළඹී නොමැත. වැඩිදුර අධිකරණ වෛද්‍ය විශ්ලේෂණයන් සඳහා ඇගේ රුධිර සහ පටක සාම්පල රඳවාගෙන ඇති බව සඳහන් වේ. පොලීසිය මරණයට හේතු වූ කරුණු පිළිබඳව පරීක්ෂණ පවත්වන අතර, මරණයට නිල හේතුවක් මෙතෙක් තහවුරු කර නොමැත.

ඇගේ මරණයෙන් පසුව, ෂෙෆාලිගේ කාරුණික බව සහ දයාවන්ත ස්වභාවය පිළිබඳව ඇගේ මිතුරන් සහ රසිකයන් විසින් ආදරයෙන් සිහිපත් කර තිබිණි. ඇය කුඩා දරුවන්ට කවමින් පොවමින් ඔවුන් රැකබලා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ඇගේ මරණයෙන් පසු සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් පැතිර ගියේය. ෂෙෆාලි ජරිවාලාගේ අවසන් කටයුතු ජූනි 28 වන දින පවුලේ සාමාජිකයන්ගේ සහ හිතමිතුරන්ගේ සහභාගීත්වයෙන් මුම්බායි හිදී සිදු කෙරිණි.

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *