BREAKING NEWS
Search

මහවැස්සේ අලියෙක් කුඹුරේ එරෙයි – ගොඩගැනීමට අසීරුයි..! (Photos)

31

වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරක් වෙතට පැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය වෙතට දැනුම් දී ඇත.

අදල වන අලියාගේ පාදවලට හෝ වන අලියාට යම් අසනීප තත්වයක් හේතුවෙන් මෙලෙස වැටී සිටිනු ඇති බවට සැකපල කරන බවටත් පවතින වර්ෂාව සහ මඩ ස්වභාවය හේතුවෙන් වනඅලියා පිළිබඳව නිරීක්ෂණය කිරීමට අපහසු බවටද වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය පැවසීය.

මෙම වනඅලියා දින දෙකක් පමණ මෙම ස්ථානයේ වැටී සිටින්නට ඇති බවට වනජීවි නිලධාරීන් සැකපල කර සිටියි.

කෙසේ වෙතත් අදාල ස්ථානයට බැකෝ යන්ත්‍රයක් හෝ රැගෙන ගොස් වනඅලියා ඔසවා පරික්ෂා කිරීමට පියවර ගන්නා බවටත් යම් අසනීප තත්වයක් ඇත්නම් ප්‍රතිකාර කිරීමට පියවර ගන්නා බවටද වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංක




Leave a Reply

Your email address will not be published. Required fields are marked *