එෂාන් මාලිංගගේ ආබාධය ගැන පැහැදිලි කිරීමක්

300

 

 

වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංගගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඔහු එංගලන්තය සමඟ පැවැත්වෙන තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයට ඔහු ක්‍රීඩා නොකරනු ඇත.

දෙරට අතර පැවැති දෙවන විස්සයි විස්ස තරගයේදී එෂාන් මාලිංගගේ උරහිස ආබාධයකට ලක්විය.

ඒ හේතුවෙන් ඔහු  (02) දින කොළඹට පැමිණීමට නියමිත බවත් අනතුරුව ඔහුගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණ කිරීම සඳහා ස්කෑන් කිරීමට යොමුවීමට නියමිත බවත් ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!