BREAKING NEWS
Search

මහ බැංකු බැදුම්කර චෝදනා ලැබූ අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට දෙන්න බැ… සිංගප්පුරුවෙන් දැනුම් දීමක්…

130

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට දරන ලද උත්සාහය නැවත වරක් අසාර්ථක වී ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද උත්සාහයට ප්‍රතිචාර දක්වමින් සිංගප්පූරු බලධාරීන් දන්වා ඇත්තේ තම රටේ නීතියට අනුව සිංගප්පූරු පුරවැසියෙකු ශ්‍රී ලංකාවට උද්ර්පනය කළ නොහැකි බවය.

උපතින් ශ්‍රී ලාංකිකයෙකු වුවද පසුව සිංගප්පූරු පුරවැසිභාවය ලබාගත් අර්ජුන් මහේන්ද‍්‍රන් මහතා යහපාලන රජය සමයේ මහබැංකුවේ අධිපති ධුරය දරන ලදී.

බැඳුම්කර සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන දහයක අලාභයක් සිදුවූ බවට බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

මීට පෙරද ඔහු ලංකාවට ගෙන්වා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තු උත්සාහ කර ඇති නමුත් සිංගප්පූරුවේ විසින් එය ප්‍රතික්ෂේප කර තිබින.

source : Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *