වසර 2050දී ලෝකයට සිදුවෙන දේ ගැන ආතර් සී ක්ලාක් මහතාගේ අනාවැකිය.

1171

 

“”මේ 2050 වසරයි ! මේ වන විට දෙවියන් පිළිබඳ ඉගැන්වෙන සියලු ආගම් අභාවයට පත්ව ඇත.
බුදු සමය සමග තරඟ කළ අනෙක් ආගම් තුනම අසාර්ථක විය. දුබල විය.එහෙයින් තවදුරටත් මනුෂ්‍ය සිත් සතන් පුබුදු කරවිය හැකි එකම ආගම වන්නේ බුදු දහම පමණි.මේ අන්‍ය ආගම් සතුව තිබුණු බලය දැන් දක්නට නැත. එහෙත් මෙම ආගම් නොනැසි තවත් පරම්පරා ගණනාවක් පවතිනු ඇත.

දැන් සක්‍රීයව පවතින්නේ බුදුන් වහන්සේගේ සද්ධර්මය පමණි.අනෙක් ආගම්වල පිරිහීමත් සමග ඇති වූ හිස්තැන පුරවන බුදු දහමේ බලය වැඩි විය.හුදු ආගමක් පමණක් නොව, බුදු සමය, පුරාවිද්‍යාඥයන්ගේ කුළුගෙඩි පහරින් දෙදරා බිම නොවැටුණේ එය කිසිඳු දේව වාක්‍යයක් මත නොවැඩුණු ඉතා පැහැදිලි ශක්තිමත් දර්ශනයක් වන හෙයිනි.නෙකුත් සියලු බලසම්පන්න ආගම් විනාශ කළ හදිසි, සදිස හෝ අදිසි පහරවල් බුදු සමය කෙරෙහි බල නොපැවැත්විය. “””

ආතර් සී. ක්ලාක් මහතා විසින් රචිතDeep Range (ගැඹුරු මුහුද) කෘතියෙනි.

නූතන තාක්‍ෂණික ශිෂ්ටාචාරය හමුවේ ආගමට අත්වන ඉරණම ආතර් සී ක්ලාක් මහතා ගේ එම ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි.ඔහු පිළිබඳ ව කැරෙන දහසක් ගුණ කථන වලට වඩා ඔහු ගේ එම අනාවැකිය යථාර්ථයක් බවට පත් කිරීමට වෙහෙසීම අප විසින් ඔහුට පිදෙන උපහාරයක් වනු ඇත.

බුදු දහමේ ඇති සත්‍යතාව හා ප්‍රායෝගික බව නිසා නව සොයා ගැනීම් සමග බදුදහම තව තවත් බැබළීමට පත්වෙයි.

එහෙත් බුදු සසුනට එනම් භික්‍ෂුන් වහන්සේ, ගිහි බෞද්ධයන්, බෞද්ධ සිද්ධස්‌ථාන, බුද්ධ ධර්මය හා පිළිවෙත්වලට පහර ගසා ඒවා විනාශ කළ විට හෝ යටපත් කළ විට බුදු දහමේ බැබළීම ද යටපත් වී යනු ඇත.

ඒ සඳහා ලොව පුරාම විවිධ බලවේග ක්‍රියාත්මක වෙයි.අප රටෙහි ද මිසදිටු බලවේග මෙන්ම එම බලවේග වලට අසු වූ නාමික බෞද්ධයන් ද ඒ සඳහා පෙළ ගැසී සිටින බව පෙනෙයි.

බුදු දහම නැති කළ නොහැකිය.බුදු දහමේ මූලික හරයන් බුදු කෙනෙක්‌ ඇතිව ද, නැතිව ද පවතින බව බුදුරජාණන් වහන්සේම දේශනා කර ඇත.

එහෙත් අප බුදුරජාණන් වහන්සේ විසින් සාරා අසංකෙයිය කල්ප හතර ලක්ෂයක් පෙරුම් දම් පුරා තම නුවණ මෙහෙයවා සොයා ගෙන ඉදිරිපත් කරන ලද බුදු දහම ආරක්‍ෂා වනුයේ එය රැකගන්නා පිරිසක්‌ සිටියොත් පමණි….

මෙය සියල්ලන්ගේම අවබෝධය පිනිස බෙදාහරින්න.එලෙස සමාජගත කිරීමෙන් රැස් කරගත් සියළු පුන්‍ය සම්පත්තිය, පින් කැමති සියල්ලන්ටම….;උතුම් වූ නිවන පිණිසම හේතු වේවා!.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!