ඉස්සර අපගේ පැරැණ්නන් වැඩි හරියක් ජීව්කාව ගෙවා ගත්තෙ කය වෙහෙසල වැඩකරල. අද කාලේ වගේ වැඩි පිරිසිකට හිඳගෙන කරන කන්තෝරුවෙ රස්සා තිබුනෙ නෑ. පුටුවේ ඉඳගෙන කරන බිස්නස් තිබුනෙ නෑ. ඉතින් ඒ අය එක්කෝ දවසම කුඹුරු වැඩ කරල හරි, මොනයම් හෝ අදික ලෙස කය වෙහෙසා, වැඩක් පලක් කරල තමයි ජීවිකාව ගැටගහ ගත්තේ. ඉතින් එහෙම වැඩ කරල එන ඇඟේ අමාරුවත් එක්ක ස්ත්‍රි පුරුෂ බේදයකින් තොරව, හැමෝම යන්නේ එක්කො තමන්ගේම වත්තෙ පල්ලෙහා තියෙන ලිඳට, නැත්නම් පිං ලිඳට. ඉතින් ගොඩ දෙනෙක් දැකල ඇති හරි සියුම් ලොකු ගලක් තියාගෙන නාල, සමහරු සබන් ගාල, තවත් සමහරු සබන් නොගා පැය ගානක් අතපය කකුල් පිට මේ ගලෙන් අතුල්ලනවා, ඒකකො කාට හරි කියල අතුල්ලව ගන්නව. මේ සඳහා යොදා ගත්තෙ මතුපිට හරිම සුමට, හොඳට මැදුන තිරිවාන ගලක් හෝ ජලාශ ආශ්‍රිතව දියඇලි ආශ්‍රිතව ස්වාභාවිකව නිමවුන සුමට රවුම් හැඩති කලු ගලක් ..
ඉතින් මේකෙන් පැය ගානක් ඇඟ අතුල්ලල නාල, ගෙදර යනකොට ඇත්තටම එයාලගෙ අර මුලු දවසම වැඩ කරල තිබුන ඇඟේ අමාරුව කොහෙන් ගියාද කියල නෑ. හරිම නැවුම්ව තමයි නැවත ගෙදර යන්නෙ. ආයි පහුවදාට ඇඟේ පතේ, කොන්දෙ කිසිම අමාරුවක් නැතිව, නැවත වැඩපල ටික කරන්න ශක්තියක් එයාලට තිබුන. අද කාලෙ වගේ එක දවසක් දෙකක් හරියට, කය වෙහෙසල වැඩ කලොත්, අනික් දවසෙ ඇඳෙන් නැගිට ගන්න බැරි හෝ, නැවත සතියක් දෙකක් යනකන් වැඩක් පලක් කරගන්න බැරි උනේ නෑ.
ඇත්තටම මෙතන අපි නොදකින, ඒ මිනිස්සු දැනගෙන හෝ නොදැන පුරුද්දට, කුණු යන්න කියල කරපු දේ ලොකු රහසක් සැඟවිල තිබුන. ඒ අය ඒ සුමට ගලෙන් මුලු ශරීරයම තදින් පිරි මදිනව. ඒ පිරි මැදීම තුල මුලු දවසම වැඩ කරල වෙහෙසට පත්වෙලා, තද ගතියට ඇවිල්ල තියෙන මාංශපේශි ඔක්කොම ලිහිල් වෙන්න ගන්නව. ඒ වගේම ශරීරයේ අවයව අතර ඇති රුධිර නාලිකා කේශ නාලිකා උත්තේජනය වෙනවා. ඒ නිසා එම රුධිර වාහිනී පවා යම් කිසි මට්ටමකට විස්තාරනය වෙන්න ගන්නව. ඒ මගින් ශරීරයට නැවත හොඳ රුධිර සංසරණයක් ඇති කරනව. ඒ වගේම මෙම ඇතිල්ලීම නිසා සියුම් ස්නායු උත්තේජනය වෙනව. ඒ හේතුව නිසා, ඒ ස්නායු මගින් ශරීරයට හිතකර රසායනික ද්‍රව්‍ය වගේම වෙදනාව පහ කරන රසායනික ද්‍රව්‍ය පිට කරනව. ඒ නිසාම මනසට උනත් ලොකු තෘප්තිමත් බවක් නැවුම් බවක් දැනෙන්න ගන්නවා.
ඒ වගේම මේ මාංශ පේශි අදික වෙහෙස කාරි තත්වය මත එ සෛල නිර්වායු ස්වසනයේදී ඒ මාංශපේශි අතර සෛල අතර හටගන්නා අහිතකර රසායනික ද්‍රව්‍ය ( ලැක්ටික් ඇස්ඩ් වගේ දේවල් ) ඒ පිරිමැදීම තුලින් සහ සෛල අතර රුධිර සංසරණය වැඩි වීම තුලින් ඉවත් කරනව. සම උනත් පැහැපත් කරනව.. එතකොට අර කයට තිබුන වෙහෙස වේදනාව නාල ගෙදර යනකොට නෑ. යලිත් පහුවදාට හිටිය වගේම වැඩ කරන්න පුලුවන්. එහෙමයි කියල ඒ සියුම් පිටත සුමුදු සුමට ගලෙන් ඇතුල්ලුව කියල සමට හානියක් උන, සම තුවාල උන කවුරුත් හිටියේ නෑ. වාර්තා උනෙත් නෑ ඉතිහාසයේ.
මම මේ කියපු දේ වැටහෙන්නෙ නෑ වගේනම් චුට්ට්ටක් හිතන්න, හොඳට වැඩක් පලක් කරල හරි මොනයම් හෝ ක්‍රිඩාවක් දවසම කරල එන ඇඟේ අමාරුව නිසා, ඔයාල කාට හරි කියල ඇඟ මසාජ් එකක් කර ගත්ත කියල, අන්න එතකොට ඒ නැවත එන නැවුම් ෆීලින් එක තමයි එච්චරටම නැති උනත් යම් කිසි මට්ටමකට හරි අන්න අතනදි එන්නෙ..
නමුත් කාලයාගේ ඇවෑමෙන් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග, ඒ හරහ ඇඟේ අමාරුවට, අතපය වල වේදනාවට, කොන්දෙ කැක්කුම් වලට, එක එක ජෙල් වර්ග, ක්‍රීම් වර්ග ටැබ්ලට් සහ නොයෙක් භෞත චිකිත්සක ආම්පන්න, ඒ වගේම තාක්ෂණික මෙවලම්. දියුණුවත් සමග නවීන පන්නයේ එක එක සබන් ජාති ක්‍රීම්, ජාති වෙළඳපලට ඒමත් සමග, මේ සමාගම් වලට ලොකු අවශ්‍යතාවයක් එන්න ඇති, වෙළඳපල ඉක්මනින්ම අල්ල ගන්න. ඒකට ඉතින් ඇඟේ පතේ අමාරුව තියෙන මිනිසුන් කොට්ටාසයක් අවශ්‍ය වෙන්න ඇති. ඒ නිසාම මෙයාලගෙ කපටි ඟඳානයට මේ වගේ සිද්දි අහුවේන්න ඇති. හොඳට හොයල බලනකොට ඒ නිසාම ලොකු බයක් නිරිමාණය කරල, බය බෙදුවා. රටටම මෙහෙම ගල් වලින් ඇතුල්ලුවම හම තුවාල වෙනවා, හම ඉරෙනවා, හම පැලෙනව හම වේලෙනව, එහෙම ගල් වලින් අතුල්ලන එක ඉතාමත් අහිතකර ක්‍රියාවක් කියල. ඇත්ත, සුමට නැති ගලකින් ඇතුල්ලුවොත් සමට හානි වෙනව තමයි. නමුත් මේ සඳහා යොදා ගත්තෙ ගොඩක් දුරට ඔය දිය ඇලි ආශ්‍රිතව මැදිල මැදිල හොඳට පිටත සුමට ගලක්. ඕන නම් ඔයාලත් අරගෙන ඇවිල්ල බලන්න අතුල්ලලා. ඇත්තටම හමට ඒක දැනේනෙවත් නෑ නිකන් උඩින් ඇතිල්ලිලා යනව විතරයි…
ඉතින් කණගාටුවකට කරුණ නම් අද වෙනකොට මේ සමාජයේ ඇති කරපු බොරු බිය නිසා, මේක නැත්තටම නැති වෙලා. අර ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය ඇතුලත් එයාලගෙ නිශ්පාදන ටික මිනිස්සුන්ට හුරු කරල වෙළඳපල ඉක්මනින්ම අල්ල ගත්ත, ඒ නිශ්පාදන වලට පුරුදු කලා, හුරු කලා. ගොඩක් හොඳ දේවල් වක්‍රාණුකූලව කූලව හරීම ශුක්ෂමව මේ ගල විතරක් නෙමේ ගොඩක් හොද දේවල් අපෙන් ඈත් කලා
✍️ සේනක නලින් ©️ උපුටා ගැනීමක්.







