BREAKING NEWS
Search

සුනඛයෙකුට පහර දෙන FB හෙල්ලූ විඩියෝවේ සැකකරුවන් අත්අඩංගුවට…!

91

ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සුනඛයෙකු හට පොල්ලකින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය විය.

ඒ සම්බන්ධව සුනඛයාගේ හිමිකාරිය විසින් 2024.12.18 වන දින අක්මීමණ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් 2024.12.11 වන දින ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තම සුනඛයාට පහර දුන් බවත් ඒ හේතුවෙන් සුනඛයා මියගොස් ඇති බවට පවසා ඇත.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ අක්මීමණ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වීඩියෝවෙහි සිටි සුනඛයාට පහරදුන් සැකකරුවන් දෙදෙනා ත්‍රීරෝද රථය ද සමග 2024.12.18 වන දින අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 34 ක් සහ 37ක් වූ බටදූව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මෙය 1907 අංක 13 දරන සත්ත්ව හිංසාව වැළැක්වීමේ ආඥා පනතේ දෙවැනි වගන්තිය යටතේ යම් තැනැත්තකු යම් සතකුට කෘෘර ලෙස පහරදීම, හිංසා කිරීම, නොසලකා හැරීම, වාහනයක, කූඩයක රැගෙන යෑම, වේදනාවට පත්කිරීම ආදී ක්‍රියා මඟින් සත්ත්ව හිංසනය කිරීම යටතේ ගැනෙන වරදකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *