BREAKING NEWS
Search

SJB-Unp එකතුවට කෙහෙල්කන්ගේ විරෝධය – ඔහුගේ තැන නැතිවෙයිලු…?

52

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක් කිරීම අරමුණු කර ගනිමින් සිදුකරන සාකච්ඡාවන් සඳහා සමගි ජන බලවේගයේ කණ්ඩායමක් බාධා කරමින් සිටින බව වාර්තා වෙයි.

සමගි ජන බලවේග ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ මන්ත‍්‍රීවරයෙකු ඇතුළු කණ්ඩායමක් මෙම උත්සාහය කඩාකප්පල් කිරීමට වෙර දරන්නේ පක්ෂයේ ඔවුන්ට හිමි තනතුරු අහිමි වෙතැයි බියෙන් බවද එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

ඉදිරි අප්‍රේල් මාසයේ අග පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා පක්ෂ දෙක පොදු ලකුණකින් තරග කරනු ඇති බවට පැවසුනත් පවතින තත්ත්වය මත එසේ එක්වීමක් සිදු නොවනු ඇති බවද එම ප්‍රකාශකයා පැවසුවේය.

මෙම පක්ෂ දෙක එක් කිරීමට සාකච්ඡා පැවැත්වුනද එක් පක්ෂ නායකයෙකු ඊට වැඩි කැමැත්තක් නොදක්වන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *