BREAKING NEWS
Search

කොළඹ වරායේ ඩොක්යාඩ් එකේ 51%ක් ඉන්දියන් සමාගමකට දෙන්න යනවා. අත්සන් කල ගිවිසුම් කෝ..?

53

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය පසු පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

යුද ප්‍රහාරක නෞකා සහ සබ්මැරීන් නිෂ්පාදනය කරන ඉන්දියානු සමාගමක් වන මෙම ඉන්දීය සමාගම කොළඹ වරායේ සිය නිෂ්පාදන කටයුතු ඒ අනුව ආරම්භ කරනු ඇති බවද එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසුවේය.

පාකිස්ථානය සහ ඉන්දියාව අතර යුධ ආතතියක් වර්ධමින් ඇති මොහොතක කොළඹ වරායේ ඉන්දීය යුද නෞකා නිෂ්පාදනය ආරම්භ කළොත් පකිස්ථානය විසින් කොළඹ වරායට ප්‍රහාරයක් එළ කළොත් එහි වගකීම භාර ගන්නේ කවුදැයි හෙතෙම ප්‍රශ්න කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද පළාත් පාලන මැතිවරණයේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *