BREAKING NEWS
Search

අඩුම තරමේ හොරු ටික අල්ලලා දැන් ටිකක් බය වෙලාවත් ඉන්නවා… – සුසන්තිකාගෙන් ආන්දෝලනාත්මක කතාවක්..!

371

 

 

ක්‍රීඩා අමාත්‍යාංශය තුළ කාලයක් තිස්සේ රැඳී සිටියේ කම්බ හොරු බවත්, ඔවුන්ට ක්‍රීඩාව හෝ ක්‍රීඩකයින් ගැන කිසිදු කැක්කුමක් නොතිබූ බවත් ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, එම නිලධාරීන් අමාත්‍යාංශයට පැමිණියේ ව්‍යාපාර කිරීමට සහ තම පවුල් පිටින් විදේශ සංචාරවල නිරත වීමට මිස ක්‍රීඩාව දියුණු කිරීමට නොවන බවයි

වර්තමාන රජයේ ක්‍රියාකලාපය පිළිබඳව යම් පැහැදීමක් පළ කළ ඇය, ජනාධිපතිවරයා විසින් දූෂිතයින්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කළා.

“අඩුම තරමේ හොරු ටික අල්ලලා දැන් ටිකක් බය වෙලාවත් ඉන්නවා. ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් පවා අයින් කරලා තියෙනවා. මේවා ගැන මට තියෙන්නේ ලොකු වේදනාවක්,” යනුවෙන් සුසන්තිකා ජයසිංහ මහත්මිය එහිදී පැවසුවා.

මෙරට වර්තමාන ක්‍රීඩා පරිපාලනය තුළ ක්‍රීඩකයින්ට නිසි ගෞරවයක් හෝ රැකවරණයක් නොලැබෙන බව පැවසූ සුසන්තිකා මහත්මිය පෙන්වාදෙන්නේ, ක්‍රීඩකයින්ට වසර පුරා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමට නොහැකි වීම, පිහිනුම් තටාක වැනි මූලික පුහුණු පහසුකම් නඩත්තු කිරීමට අපොහොසත් වීම, සුදුසුකම් ලත් පුහුණුකරුවන්ගේ හිඟය සහ ක්‍රීඩකයින් සමඟ සුහදව ගනුදෙනු කිරීමට නිලධාරීන් නොදැන සිටීම කණගාටු වන බවයි.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (SAARC Games) වැනි තරගාවලිවලදී ඉන්දියාව වැනි රටවල් සිය ප්‍රධාන කණ්ඩායම් ඉදිරිපත් නොකරන පසුබිමක, ලංකාවේ දක්ෂතා මැනීමේදී වඩාත් විචාරශීලී විය යුතු බව ඇය අවධාරණය කළා.

ෆාතිමා සුමෙයිහා

Source – News 19




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!