BREAKING NEWS
Search

ක්ෂණික විසඳුම් නෑ – රිලවුන් චීනයේ සත්වෝද්‍යානවලට ඉල්ලුවොත් සලකා බලනවා

22

මෙරට රිලවුන් චීනයේ සත්වෝද්‍යාන වලට ලබා ගැනීම සම්බන්ධයෙන් යෝජනාවක් ලැබුණහොත් ඒ ගැන සලකා බැලීමට හැකි යැයි කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා පවසයි.

රිලවුන් හුදෙකලා දූපත්වලට ගෙන ගොස් දැමීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇතැයිද හෙතෙම කියා සිටී.

ගම්මාන වල පමණක් නොව කොළඹ පදිංචි ජනතාවටද රිලා ගැටලුව අද ඇතිවී තිබෙන බවත් හෙතෙම මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.

රිලා ප්‍රශ්නය විසඳීමට දිගුකාලීන විද්‍යාත්මක විසඳුමක් ඉදිරිපත්ව තිබුණත් මේ මොහොතේ එය විසදීමට කෙටි කාලීන හා මැද කාලීන විසඳුමක් අවශ්‍ය බවද ඔහු කියා සිටියේය.

ජනතාවට මේ සඳහා ක්ෂණික විසඳුමක් බලාපොරොත්තු වුවත් ක්‍ෂණික විසඳුමක් එක්වරම ලබාදීමට හැකියාවක් නොමැති බවද ඒ මහතා තවදුරටත් පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *