ඒ කතාව නම් ඇත්තටම සංවේදීයි. පුංචි බිළිඳියක්, ඒ දිනගණන ගෙවන්න ඇත්තේ මොන තරම් නම් බියකින්ද..?
ඇයට මව සොයා දුන් ඒ මානුෂීය මෙහෙයුම ගැනයි මේ කතාව,
මෙම 8 දෙනකුගෙන් යුත් කණ්ඩායම දෙසැම්බර් 3 වැනිදා කරම්බකැටිය ගම්මානයේ කළ සෝදිසියකදී නිවසක් තුළ තනිව සිටි මාස 3 ක් වයසැති බිළිදියක සහ ඇගේ ආච්චි අම්මා හමුවී තිබෙනවා.
ආපදා තත්ත්වය හමුවේ ඇයට නැවත පැමිණීමට නොහැකිව තිබු අතර, දැරියට මව් කිරි අත්‍යවශ්‍ය වී තිබුණා.
දරුවා අනතුරේ වැටී සිටින බව වටහාගත් කොමාන්ඩෝ කණ්ඩායම, එදින රාත්‍රියේ තද වර්ෂාව මධ්‍යයේ ඇය මීමුරේ ආරණ්‍ය සේනාසනයට රැගෙන ගොස් ඇති අතර, මෙහෙයුමේදී සම්බන්ධතා ඇති කර ගැනීමෙන් පසු 4 වැනිදා ගුවන් මගින් මීමුරේට පැමිණි යුද හමුදා වෛද්‍ය බළකායේ කණ්ඩායමක් බිළිදිය සහ මිත්තණිය පරීක්ෂා කර තිබෙනවා.
ඔවුන් දෙදෙනා ගුවන් ගමනකට ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය සම්පන්නව සිටින බව තීරණය කිරීමෙන් පසු වෛද්‍ය කණ්ඩායමේ අධීක්ෂණය යටතේ දෙදෙනාම දිගන ගුවන් හමුදා කඳවුරට ගුවනින් රැගෙන ගොස් තිබෙනවා.
එහි ගිය පසු කොමාන්ඩෝ භටයෝ ළදරුවා ආරක්ෂිතව ඇගේ මවට භාර දීමට පියවර ගත්තා.








