BREAKING NEWS
Search

ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ

103

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

එමෙන්ම එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ඉන්දික ද සේරම්, තරංග පරණ විතාන, විනෝතන් ජෝන් සහ රසාංජලි ද අල්විස් යන මහත්ම මහත්මීන් පත් කර ඇත.

1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 39 -1 වගන්තිය ප්‍රකාරව සහ 2437/24 2025 මැයි 21 අති විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම පත් කිරීම සිදුකර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!