BREAKING NEWS
Search

නව දිල්ලියේ පිපිරීමෙන් මියගිය ගණන ඉහළට…

488

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, රෙඩ් ෆෝර්ට් (Red Fort) මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මෝටර් රථයක් පුපුරා යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.  (2025 නොවැම්බර් 10) සිදුවූ මෙම දරුණු පිපිරීමෙන් තවත් පුද්ගලයින් පහළොස් දෙනෙකු පමණ බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම පිපිරීම සිදුව ඇත්තේ රථය නවතා තබන ස්ථානයක වන අතර, තුවාල ලැබූවන් රෝහල් වෙත රැගෙන යන අතරතුර ඉන් අට දෙනෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය තහවුරු කරයි.

පිපිරීමේ තීව්‍රතාවය ඉතා ඉහළ මට්ටමක පැවති බව දිල්ලි ගිනි නිවන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති අතර,

මේ හේතුවෙන් අවට නවතා තිබූ තවත් වාහන රැසකට දැඩි හානි සිදුවී ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ගිලන් රථ කඩිනමින් එම ස්ථානයට ළඟා වන ආකාරය සහ ගිනි නිවන භටයින් ගින්න පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දරන ආකාරයයි.

මෙම සිදුවීමත් සමඟ දිල්ලි පොලිසිය විසින් නගරයේ ආරක්ෂාව දැඩි කර ඇති අතර, පිපිරීම සිදුවූ ප්‍රදේශය පොලිස් මායිම් යොදා වසා දමා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. කෙසේ වෙතත්, මෙය බෝම්බ පිපිරීමක් ද යන්න මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර බලධාරීන් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි. ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ මාධ්‍ය අංශ ප්‍රධානී පවන් කේරා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින්, විපතට පත් පවුල් වෙත සහය පළ කරන බව ප්‍රකාශ කර ඇත.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *