BREAKING NEWS
Search

“බය වෙන්න එපා මම මැරුණත් උඹලා බේරාගන්නවා” ශාස්ත්‍ර­පති උපා­ධියත් අරගෙන කොළඹ විශ්ව විද්‍යාලයේ අය ගෙදර ඇවිත් –

723

 

ලුණුවිල හෙලිකොප්ටර් අනතුරෙන් දිවි පිදූ විරුවාගේ පශ්චාත් උපාධි සහතිකය සහ රතු ලෝගුව කොළඹ සරසවියේ උපකුලපති අතින් දේහයට තැන්පත් කර තිබෙනවා.

වෙන්නප්පුව, ලුණුවිල, කිරිමැටියාන, තුලාවල පාරේ පදිංචිව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් නිර්මාල් අසංක සජිත් සියඹලාපිටිය ( 41 ) එක් දරු පියා ඉකුත් දා සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා.

ඔහු, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් මහා විද්‍යාලයේ දිප්තිමත් ආදි සිසුවෙක්.

එම පාසලේ අධ්‍යාපනය ලබා පසුව 2005 වර්ෂයේ ජුලි 05 දා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුනු හෙතෙම, 48 වැනි ආධුනික කැඩෙට් නිලධාරි පාඨමාලාව හදාරා ගුවන් නියමු නිලධාරීවරයකු වශයෙන්ම අධිකාරි ලබමින් ගුවන් හමුදා විද්‍යා පීඨයේ පුහුණුව ලබා තිබුණා.

පසුව ගුවන් යානා අංශයේ හෙලිකොප්ටර් උසස් පුහුණු පාඨමාලාව සඳහා බැඳෙන ඔහු බෙල් 206, 212, 412 එම්. අයි. 17 හෙලිකොප්ටර් යානාවල පුහුණුව ලබා 2024 වර්ෂයේ විංග් කමාන්ඩර් නිලයට උසස්වීම් ලැබුවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සක්‍රීය සේවයේ යෙදී සිටිමින් වැඩිම ගුවන් කාලයක් පියාසර කර ඇති නිලධාරියකු වූ සජිත් නිර්මාල් සියඹලාපිටිය ගුවන් පැය 3,000 කට වැඩි කාලයක් පියාසර කර ඇති පළපුරුදු දක්ෂ ගුවන් නියමුවරයෙක් බව අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවා.

ඔහු සිය ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන තිබූ අතර, එහි උපාධි ප්‍රදානෝත්සවය ලබන 02 වැනිදාට යෙදී තිබෙන බවයි ඔහුගේ බිරිඳ සඳහන් කළේ.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!