BREAKING NEWS
Search

බටහිර ඒවා ගෙඩි පිටින් ගේන්න එපා.. මේව වැරදි වැඩ.. මේවා පිළිගන්න බෑ..! – කාදිනල්තුමන්

970

 

අලුත් නීති ගෙනවිත් දරුවන් ගුරුවරුන් හා දෙමාපියන් අතර ගට්ටන ඇති නොකළ යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් කියා සිටිති.

දිව්‍ය පූජාවක් අවස්ථාවට එක්වෙමින් අගරදගුරුතුමන් කියා සිටියේ දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති පනත් ක්‍රියාත්මක කිරීමේදී බටහිර රටවල ඇතැම් නීති කිසිසේත්ම මේ රටට නොගැලපෙන බවය.

“දරුවා සහ දෙමාපියන් අතර මේ ගට්ටනය ඇති කරලා, දෙමාපියන්ට එහෙම නම් ගුරුවරුන්ට කොහොම තියෙයි ද? ගුරුවරුන්ට හිතන්නවත් බෑනේ.

පාසල්වල දරුවෝ වැරදි වැඩ කළොත් ගුරුවරයා කියන්න පුළුවන් ළමයා ඔය දිගට කොණ්ඩය වවන්න එපා කපාගෙන එන්න කියලා. එහෙම කිව්වොත් ඒ දරුවාට පුළුවන් පොලීසියට ගිහින් මගේ ගුරුවරයා මට මානසික පීඩාවක් ගෙනාවා කියලා. මෙහෙම කියලා ගුරුවරයාව අත්අඩංගුවට ගන්න පුළුවන් ලු. ඒක වැරදි වැඩක්. මේවා අපිට පිළිගන්න බෑ.

බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන ඔක්කෝම ලංකාවට ගැලපෙන්නේ නෑ. අපේ ලංකාවේ තියෙනවා සංස්කෘතියක්, ක්‍රමවේදයක්, ආචාරධර්ම තියෙනවා මේවට අපි ගරු කළ යුතුයි කියලා.

ඒ නිසා අපි අධ්‍යාපන බලධාරීන්ට කියා සිටිනවා කරුණාකරලා ඔය වැඩේ කරන්න එපා. දෙමාපියන්ට හා ගුරුවරුන්ට තිබිය යුතු ගුරු භක්තිය, ආදරය දරුවන් තුළ තියෙන භක්තිය ලබාදීමේ ප්‍රවණතාවයට බාධා කරන්න එපා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!