BREAKING NEWS
Search

කිලෝමීටර තුනෙන් තුනට පාසල් හදන බවක් අප කිසිදා කියා නෑ..!- නලින්ද ජනාධිපති අනුරම කිව්ව කතාව දාලා පෙන්නන්නද..? – සජිත්

1475

 

තම පාලනයක් යටතේ කිලෝ මීටර් තුනෙන් තුනට පාසල් හදන බව ජනාධිපති අනුර දිසානායක මහතා කෙදිනකවත් පවසා නැතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේ කිලෝමීටර් තුනක් ලෙස පැවසෙන දේ වෘත්තයක අරය මෙන්ම විශ්කම්භය ලෙසද ගත හැකි බවයි.

එසේ නොමැතිව කිලෝමීටර් තුනෙන් තුනෙන් තුනට පාරවල් හදන පාසල් හදන බවත් කිසි දිනක කියා නැතයිද ඔහු පැවසුවේය.

දරුවෙකුට කිලෝ මීටර තුනක උපරිම දුර සීමාවක් යටතේ පාසලක් ලබාදීම යන්නෙන් කිසිම මීටර් තුනෙන් තුනට පාසල් හදන බවක් අදහස් නොවන බවද ඔහු කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විමසූ පැනයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස මහතා පැවසුවේ අනුර දිසානායක මහතා ඒ බව ප‍්‍රකාශ කරන හඬ පටයක් ප්‍රචාරය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දෙන ලෙසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *