BREAKING NEWS
Search

රාජ්‍ය පරිපාලන හිටපු ලේකම් 2011 මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට.!

48

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා දූෂණ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ, 2011 වසරේ සිදු කළ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රියන්ත මායාදුන්නේ පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය.

ජාත්‍යන්තර සමුපකාර දිනය නිමිත්තෙන් කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයක් සඳහා රුපියල් මිලියන 183ක් යෙදවීම සම්බන්ධයෙන් ප්‍රියන්ත මායාදුන්නේ අත්අඩංගුවට ගත් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එම උත්සවය සඳහා රාජ්‍ය මුදල් යෙදවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අතර, මේ සම්බන්ධයෙන් ප්‍රියන්ත මායාදුන්නේට එරෙහිව චෝදනා ගොනු කිරීමට කරුණු පවතින බවට නීතිපතිවරයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රියන්ත මායාදුන්නේ අද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *