BREAKING NEWS
Search

2024 සඳහා ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ස්ම්‍රිති මන්දානා – ක්‍රීඩකයා ජස්ප්‍රිට් බුම්රා

58

2024 වසරේ ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්වීමට ඉන්දීය ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දානා සමත්ව තිබෙනවා.

ඒ 2024 වසරේ කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වීම සඳහා නම් නිර්දේශ වී සිටි ලෝරා වොල්වාඩ්, ටැමී බියුමොන්ට් සහ හේලි මැතිව්ස් පසු කරමින්.

එහිදී ඇය 2024 පුරා ඉනිම 13 කදී ලකුණු 747 ක් ලබා ගත් අතර එහි සාමාන්‍යය 57.86 ක්.

එමෙන්ම, 2024 වසරේ ICC ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා තේරී පත් වී සිටිනවා.

ඒ 2024 වසරේ හොඳම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වීම සඳහා නම් නිර්දේශ වී සිටි ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්, එංගලන්ත ක්‍රීඩක ගැරී බෘක් සහ ජෝ රූට් පසු කරමින්.

බුම්රා ඉකුත් වසරේ දී ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ කඩුලු 71ක් දවාගෙන ඇති අතර, ඔහු ඒ සඳහා පන්දුවාර 357ක් ක්‍රියාත්මක කර තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *