BREAKING NEWS
Search

නිවසේ පොල් පරිභෝජනය නාස්තිකාර පරිභෝජනයක් වෙලා..පොල් කිරි සහ සම්බෝල ලෙස භාවිතා කරද්දි පොල් අපතේ යනවා (VIDEO)

28

කර්මාන්ත සඳහා පොල් මද සහ පොල් කිරි ආනයනය කළ යුතු බවට ඉල්ලීමක් ලැබී ඇති බවත් රජය ඒ සම්බන්ධයෙන් සාධනීය ස්ථාවරයක සිටිනා බවත් කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව ඊට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව මේ වන විට සකස් කරමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය.

අද වන විට මෙරට නිවසේ පොල් පරිභෝජනය ඉතාමත් නාස්තිකාර පරිභෝජනයක් වී ඇතැයි ද පවසන පොල් සම්බෝල සහ පොල් කිරි ලෙස භාවිතා කිරීමේදී පොල් අපතේ යන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙම ක්‍රියාවලින් දෙකේදීම පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යන බවට හෙතෙම පෙන්වා දෙයි.

සිය අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පලකරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *