BREAKING NEWS
Search

Elon Musk අමෙරිකානු රජයේ විශේෂ තනතුරෙන් ඉවත්වෙයි

1153

Elon Musk විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජයේ ඔහු දැරූ විශේෂ තනතුරෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නාස්තිකාර වියදම් අඩු කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව තමා ජනාධිපති Donald Trump හට ස්තූතිය පළ කරන බවත්, DOGE මෙහෙයුම කාලයත් සමඟ ශක්තිමත් වනු ඇති බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබෙන්නේ.

Elon Musk මාස 04 ක කාලයක් අදාළ තනතුරේ කටයුතු කළ අතර ඒ හරහා ආයතන රැසක සේවක කප්පාදුව ඇතුළු නාස්තිය අවම කිරීමට අදාළ තීරණ රැසක් DOGE (Department of Government Efficiency) හරහා ක්‍රියාත්මක කර තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *