BREAKING NEWS
Search

ශ්‍රීලංකාවේ මීළඟ ජනාධිපති අනුර කුමාරගේ ආරක්ෂාව තහවුරු කරන්න

69

මීලග ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙක් වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට වෙඩි තැබීමේ සිදුවීමත් සමග ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව තර කල යුතු බව ජාතික භික්ෂු පෙරමුණේ කැඳවුම්කරු පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ පවසති.

තම බලය වෙනුවෙන් දූෂිත දේශපාලඥයන් ඕනෑම අනුකම්පා විරහිත අපරාධයකට යොමුවිය හැකි බවද උන්වහන්සේ කියා සිටියහ.

එහිමියන් මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් මහනුවර දී පවත්වන ලද එම පක්ෂයේ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

‘අනුර දිසානායක මහතා ආරක්ෂා කළ යුතුයි. ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට වෙඩි තැබීමේ සිදුවීමෙන් පසු අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව තර කළ යුතු බවට බොහෝ භික්ෂූන් වහන්සේලා යෝජනා කළා. ප‍්‍රසිද්ධියේ පෙනි නොසිට ඔහු ඔහුට දේශන පැවැත්වීමට හැකි හැකියාව සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතුයි. මෙම දූෂිත දේශපාලඥයන් බලය වෙනුවෙන් ඕනෑම අනුකම්පා විරහිත අපරාධයක් කිරීමට හැකි නිසා ඔහුව ආරක්ෂා කළ යුතුයි’




Leave a Reply

Your email address will not be published. Required fields are marked *