BREAKING NEWS
Search

පොල් අර්බුදය තීව‍්‍රයි – පොල් ගෙඩි කෝටි 20ක් රටින් ගේන්නැයි කියයි…!

27

පොල් ගෙඩි මිලියන 200ක් පමණ කඩිනමින් ආනයනය කිරීමට කටයුතු කරන ලෙස රජයට යෝජනාවක් යෝජනා කර ඇත.

ඒ මෙම වසරේ පළමු මාස හතරේ පොල් ඵලදාව ගෙඩි මිලියන 200කින් පමණ අඩුවන බවට පොල් පර්යේෂණායතනය කල පුරෝකථනයක් මතයි.

මෙම ඉල්ලීමට රජයේ පාර්ශවයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් මහතා පවසයි.

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමිවනු ඇති බවත් හෙතෙම කියා සිටී.

පොල් ආනයනය කලහොත් පාරිභෝගිකයන්ට ගෙඩියක් රුපියල් 140ට පමණ මිලට ගත හැකි වනු ඇති බවත් හෙතෙම පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *