BREAKING NEWS
Search

ගුවන් අනතුර ගැන බිමල් කිව්ව කතාවට පරස්පර කතාවක් නලින්දගෙන්..! (Video)

31

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (26) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ, ගුවන් අනතුර ගුවන් නියමුවන්ගේ අත්වැරදීමක් හේතුවෙන් සිදුවු බවට පසුගියදා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසූ බවත් ගුවන් අනතුර සම්බන්ධයෙන් කමිටු වාර්තාව නිකුත් නොවී තිබිය දී එවැන්නක් ප්‍රකාශ කිරීම සුදුසු ද යන්නය.

එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ගුවන් යානය සම්බන්ධයෙන් වාර්තාව නිකුත් වී ඇති බවත් ගුවන් අනතුර සම්බන්ධයෙන් වූ වාර්තාව තවමත් නිකුත් වී නොමැති බවත්ය.

“ගුවන් යානය සම්බන්ධයෙන් වාර්තාව තමා ආවේ. ගුවන් අනතුර සම්බන්ධයෙන් වූ වාර්තාව තාම ආවේ නෑ. ඒකට යම් දින කිහිපයක් ගතවේවි. ගුවන් යානාවේ වාර්තාවෙන් හෙළිදරව් වෙන දේ තමා බිමල් රත්නායක අමාත්‍යවරයා කිව්වේ. අනතුර සම්බන්ධයෙන් මොකද්ද වෙන්න පුළුවන්, කාගේද අඩුපාඩුව ගැන සමස්ත අනතුර ගැන වාර්තාවෙන් තමා අපිට කරුණු කියන්න වෙන්නේ. වාර්තාව ලැබුණට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හෝ අදාළ බලධාරියෙක් කරුණු ඉදිරිපත් කරයි. කමිටු වාර්තාව තවම ලැබිලා නෑ.”

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *