BREAKING NEWS
Search

රිටිගල ළිඳකට වැටුණු අලි පැටියෙකු ප්‍රදේශවාසීහු බේරා ගනිති..!

43

ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රිටිගල වනජීවී කලාපයට අයත් මානන්කට්ටිය ප්‍රදේශයේ ආරණ්‍යය සේනාසනයක පිටුපස ළිඳකට වැටී සිටි මාස 3 -7 පමණ වයස වූ කුඩා වන අලි පැටවෙකු පෙරේදා (08) දින ප්‍රදේශවාසීන් විසින් ලණු ආධාරයෙන් ගොඩට ගෙන බේරාගෙන තිබේ.

පසුව එම අලි පැටියා රිටිගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කර තිබිණි.

අලි පැටියා වැටී සිටි ළිඳ අවට වූ වැව් රක්ෂිතයේ අලි පැටියාගේ මව සිටී දැයි සොයා බලා ඇති අතර ඇය නොවූ හෙයින් පසුව වනජීවී නිලධාරීන් විසින් අලි පැටියාට කිරි ලබාදීමද සිදු කෙරිණි.

පසුව බොලෙරෝ වර්ගයේ කැබ් රථයකින් අලි පැටියා උඩවලව ඇතුරු සෙවණට රැගෙන යෑමට කටයුතු කර තිබිණි. මෙම අවස්ථාවට රිටිගල වනජීවී අඩවි ආරක්ෂක චමිල් ධර්මදාස මහතා ඇතුලු‍ නිලධාරීහු පිරිසක් සහභාගි වී සිටියහ.

තිරප්පනේ – සමන් පෙරේරා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *