BREAKING NEWS
Search

හිටපු ඇමති පි. දයාරත්න හෝමගම අක්කර 40ක රජයේ ඉඩමක් තමන්ගේ නමට ලියාගෙන…

1124

එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන පී දයාරත්න, හෝමාගම පිහිටි රජයට අයත් ඉඩමක් ඔහුගේ නමට ලියාගෙන ඇති බවත්, පසුව එම ඉඩම, පී. දයාරත්න විසින් ඔහුගේ දරුවන් වෙත පවරා ඇති බව ජාතික ජනබල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසනවා.

මේ වන විට, එම ඉඩම දේපළ සමාගමක් වෙත අලෙවි කර ඇති බව ද මන්ත්‍රීවරයා කියා සිටිනවා. හිටපු අමාත්‍ය පී දයාරත්න, මෙම ඉඩම ඔහු වෙත පවරාගෙන ඇත්තේ 1987 වසරේ දී බව සඳහන්.
1977 වසරේ පී දයාරත්න මහතා එක්සත් ජාතික පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වුණා. පී දයාරත්න මහතා කැබිනෙත් අමාත්‍ය ධුර කිහිපයක් හොබවා තිබුණා.

අම්පාර දීඝගාමිණි මාවතේ පිහිටි රජයේ නිවස වසර 46ක් පුරා තම සන්තකයේ තබා ගනිමින් භාවිතයට ගෙන තිබු බවටද මිට පෙර චෝදනා එල්ල වුණා. ඔහු සිය දේශපාලන කටයුතු වෙනුවෙන් මෙම නිවස භාවිත කර ඇති බව ප්‍රදේශවාසීහු පවසනවා. හිටපු අමාත්‍ය පී දයාරත්නට කොළඹ, අම්පාර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉඩම් සහ නිවාස ඇති බව ප්‍රදේශවාසීන් කියා සිටිනවා. 2015වසරේ පැවති මැතිවරණයෙන් හිටපු අමාත්‍ය දයාරත්න පරාජයට පත්වුණා.

A5 News Sri Lanka




Leave a Reply

Your email address will not be published. Required fields are marked *