මේ දිනවල කැපී පෙනෙන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල පවුල සම්බන්ධ සිදුවීම්ය. මෑතකදී කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් දෙදෙනා සහ බෑනා රක්ෂිත බන්ධනාගාර ගතකර පසුව ඇප මත නිදහස් කිරීමේ සිදුවීම රටේ බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.
කෙහෙළිය සිදුකර ඇති වංචා රැසකින් බරපතලම වංචාව වන්නේ ලංකාවේ ජනතාව ජීවිත අනතුරේ හෙළමින් සිදු කළ ඖෂධ වංචාවයි. ඔහු සෞඛ්‍ය ඇමතිවූයේ ලංකාව ආර්ථික අතින් දුෂ්කර කාලයේය.
මෙකල ඉන්දියාව ලංකාව වෙනුවෙන් අවංකව කළ ඖෂධ ආධාරය කෙහෙළිය ගසා කෑවේ ලුණුවතුර කුප්පිවලට ලක්ෂ ගණන් මුදල් අයකරගෙන සාක්කුවේ දමාගැනීමෙනි.
ප්‍රකට රංගන ශිල්පියෙකු වන ගිරිරාජ් කෞෂල්‍ය මහතාද ජීවිත අවධානමක් සහිතව අසනීප වූ මේ සමයේ කෙහෙළියගේ වංචනික බෙහෙතට ලක්ෂ ගණන් මුදල් ගෙවා තිබුණි. එම බොරු බේත නිසා ලැබුණ සෙතක් නැතත් ගිරිරාජ් අසනීපයෙන් අත්විඳුනේ පූර්ව වාසනාවටය.
ගිරිරාජ්ගේ දියණිය වන අමන්ද්‍යා උත්පලී විසින් සිය ෆේස්බුක් පිටුවේ පළ කරන ලද සටහනක එදා සිදුවූ ඒ පීඩාව සටහන් කර ඇති අතර මේ වනවිට සමාජ මාධ්‍ය තුළ ඒ සම්බන්ධයෙන් විස්තර පළවේ.
අමන්ද්‍යා උත්පලී යනු වත්මන් පරපුරේ ජනප්‍රිය ගායන හා රංගන ශිල්පිනියකද වන අතර ඇය රංවල බලකායේ සාමාජිකාවකි.
මෑතකදී අමන්ද්‍යා උත්පලී විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද සටහන පහතින්
“`කෙහෙළිය ට ලියමි!
පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසේ දවසක, මම රන්වල බලකාය එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයකට යන්න සූදානම් වෙමින් හිටියේ. තාත්තා ඒ වෙනකොට අපේක්ෂා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ.
හදිස්සයේ අම්මා මට කතා කරලා කිව්වා “Doctor පුලුවන් ඉක්මනට ගේන්න කියලා බෙහෙතක් දුන්නා ඉස්පිරිතාලේ නෑ, ඔයා හොයලා මේක අරන් දැන්ම එනවද?” කියලා. මං ඒ වෙලාවේ හිටියේ බලකායේ කට්ටියත් එක්ක රාජගිරියේ shop එකක. එවෙලෙම prescription එක ගෙන්නගෙන දන්න කියන හැම තැනකටම Call කර කර බෙහෙත හොයන්න ගත්තා.
හැම තැනකින්ම කිව්වේ ඒ බෙහෙත ලංකාවේ කොහෙවත් නෑ කියලා.මට ඒ වෙලාවේ කර කියා ගන්න දෙයක් නැති කමට shop එකේ බංකුවක වාඩි වෙලා ඇඬුවා. මගේ යාලුවොත් ආපු වැඩේ පැත්තක දාලා බෙහෙත හොයන්න ගත්තා. එහෙම හම්බුණ contact එකකින්, එකම එක pharmacy යක බෙහෙත තියෙනවා කියලා දැන ගන්න ලැබුණට අදාළ brand එකෙන් නෙමෙයි බෙහෙත තිබුණේ.
ඒත් ෘදජඑදර කිව්වා තියන එක ගේන්න තාත්තා ට ඉක්මනටම බෙහෙත දෙන්න ඕනේ කියලා. Vial 7ක් ගන්න රු. 420,000.00 මුදලක් ගියා. එදා ඉදන් දවස් 3ක් ඒ බෙහෙත ඕනේ උණා. ලක්ෂ 15කට ආසන්න ගානක් ඒ දවස් තුනට විතරක් අපිට වියදම් උණා.
එදා තාත්තට දුන්නේ මෙන්න මේ IVIG(Iv human immunoglobulin) කියන බෙහෙත.
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ. කර්මයෙන් ගැලවෙන්න නම් බැරි වෙයි!“`