BREAKING NEWS
Search

ශ්‍රි ලංකාව ඇතුළු රටවල් රැසකට පැනවූ තීරු බද්ද ට්‍රම්ප් අත්හිටුවයි

174

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත.

කෙසේ නමුත් චීනයට එරෙහි තීරු බද්ද 125%ක් දක්වා ඉහළ නංවා තිබේ.

අද (9) සිට ක්‍රියාත්මක වන පරිදි චීන ආනයන සඳහා අමෙරිකාව 104%ක තීරු බද්දක් පනවා තිබුණි.

ඊට ප්‍රතිචාර ලෙස චීන මුදල් අමාත්‍යාංශය අද පස්වරුවේ නිවේදනය කළේ අමෙරිකානු ආනයන සඳහා 84%ක තීරු බද්දක් පනවන බවයි.

ඒ අනුව චීනයේ එම තීරණයට පිළිතුරු ලෙස අමෙරිකාව යළිත් වරක් මෙලෙස තීරු බදු ප්‍රතිශතය ඉහළ දමා තිබේ.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *