BREAKING NEWS
Search

අපේ රටේ ධීවරයින්ට හොද කලක්… ඉහල ප්‍රතිලාභ විශ්‍රාම වැටුපක්..

132

 

 

 

(අංජුල මහික වීරරත්න)

ඉහල විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ සහිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවරයින් උදෙසා හදුන්වාදී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන ලක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහ ආරංචි මහතා පැවසීය.

1990 අංක 23 දරණ ධීවර විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම පනතේ මගින් මෙම ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙයි.

වර්තමාන ආර්ථිකයට ගැලපෙන පරිදි වඩාත් ආකර්ෂණීය ලෙස හා ඉහල විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ සහිතව ධීවරයින් වෙත මෙම විශ්‍රාම වැටුප් ප්‍රයෝජනා ක්‍රමය හඳුන්වා දී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන ලක්ෂණ මණ්ඩලය කියයි.

මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි.

මෙහි ඇති සුවිශේෂිත්වය වනුයේ ධීවර කාර්මිකයාගේ ක්‍රය ශක්තියට අනුව ඔහුගේ අභිමතය පරිදි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම හදුන්වාදී තිබීමයි. ඒ අනුව නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ ධීවරයන්ගේ ක්‍රය ශක්තිය හා කැමැත්ත අනුව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයකට දායක වීමට අවස්ථාව සලසා දී ඇත. මෙහිදී රු.5000/=, රු.10.000/=, රු.15,000/=, රු.20,000/=,රු.25,000/= හෝ ඊට වැඩි ආදී වශයෙන් තම අභිමතය පරිදි වයස අවුරුදු 60 න් පසුව මාසිකව ලබාගත හැකි ඕනෑම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයකට දායක වීමට ධීවරයින්ට හැකියාව ලැබේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ ඇති තවත් විශේෂත්වයක් වනුයේ වයස 60 න් පසුව එළඹෙන එක් එක් වයස් සීමාවන් තුල විශ්‍රාම වැටුප් වැඩිවීමයි. උදාහරනයක් වශයෙන් මාසිකව රු.1000/- විශ්‍රාම වැටුපකට දායක වුවහොත් වයස අවුරුදු 64 – 70 දක්වා රු 1250/- විශ්‍රාම වැටුපක්, වයස අවුරුදු 71 – 77 දක්වා රු.2000/-හා අවුරුදු 78 න් පසුව රු.5000/- විශ්‍රාම වැටුපක් ලබාගැනීමට හැකිවිමයි.

මීට අමතරව නව ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වීමෙන් ජීවිත රක්ෂණ ප්‍රතිලාභයක් ලැබීම, විශ්‍රාම වැටුප් ලාභියා මියගිය විට දී අදාල විශ්‍රාම වැටුප කාලාත්‍රයාට ලැබීම හා ධීවර හා ධීවර කටයුතු ආශ්‍රිත රැකියාවන්හි නිරත වන පිරිසට ද මේ සඳහා දායක වීමට හැකිවීම අනිකුත් විශේෂ ප්‍රතිලාභ වේ.

උපුටාගැනීම – Lankadeepa (අංජුල මහික වීරරත්න)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!