BREAKING NEWS
Search

“ආයුබෝවන් ඉන්දියා..” සතුටෙන් ඉන්දියාවට සමුදුන් ඔවුන්ගේ ඉරණම එසේ ලියවෙයි කියා ඔවුන් කවදාවත් හිතන්නේ නැතුව ඇති…

4138

ඒ අඳුරු මතකය අතර තවමත් සැඟවුණු කතා බොහෝමයි..

ඔවුන් දෙදෙනා අවසන් වරට නිකුත් කළ ඒ වීඩියෝවත් මේ වෙනකොට සමාජමාධ්‍ය තුළ බොහෝ සෙයින් සංසරණය වෙනවා..

මේ කියන්න යන්නේ ඔවුන්ගේ ඉරණම ගැන ඇසුණු ඒ කඳුළු කතාවයි.. ඊයේ මගීන් 242 දෙනෙකු සමඟ ගුවන් ගත වී මොහොතකට පසු අනතුරට පත් වූ ගුවන් යානයේ පියාසර කිරීමට වෙන්කරවා ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 දෙදෙනෙකු ගමන් කළා..

ජේමි රේ ග්‍රීන්ලෝ-මීක් සහ ෆියොංගල් ග්‍රීන්ලෝ-මීක් ඒ අතරට එක්වුණු තවත් දෙදෙනෙක්.. ඔවුන් ඉන්දියාවෙන් නික්මෙන්න මොහොතකට පෙර සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහැරුණේ ඉන්දියාවේදී ලැබුණු අත්දැකීම්වලට වගේම ඔවුන් අත්විඳි ඒ මතක වෙනුවෙන් ඉන්දියාවට ස්තූතිවන්ත වීමටයි..

ඔවුන් ඉන්දියාවේදී ගත කළ ඒ කාලය, ඒ රසවත් ආහාරපාන සේම ඔවුන් කාලය ගත කළ ස්ථාන ගැනත් මේ වීඩියෝව හරහා බෙදාගන්න මොවුන් දෙදෙනා අමතක කළේ නැහැ… කොහොම වුණත්, අද ඒ හැම දෙයක්ම මතක අතරම පමණක් එක්වුණු දේවල් අතර වුණා..

මොකද මේ දෙදෙනාත් මේ වන විට මේ දරුණු ගුවන් අනතුරෙන් ජීවිතයෙක් සමුගෙන තිබෙනවා

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *