BREAKING NEWS
Search

ගෝටාභය අල්ලස් කොමිසමට කැදවයි…

250

 

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම මස 17 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවත දැනුම් දී තිබේ.

මීට පෙර අවස්ථාවකදී ද ඒ මහතාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ නමුත්, තමන් සිංගප්පූරුවේ සංචාරයක නිරත වන බැවින් එදිනට පැමිණීමට නොහැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් පෙබරවාරි 12 වැනිදා කොමිසමට ලිඛිතව දන්වා තිබිණි.

එහිදී ප්‍රකාශය ලබාදීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහු කළ ඉල්ලීමට අනුව මෙම නව දිනය ලබා දී ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි නිවාස සංකීර්ණයක නිවාස කිහිපයක් නීත්‍යනුකූල නොවන අයුරින් පුද්ගලයන් කිහිපදෙනෙකුට ලබාදීම සඳහා නිර්දේශ කරමින් ලිපි නිකුත් කිරීම පිලිබදව සිදු කෙරෙන විමර්ශණයකට අදාලව ප‍්‍රකාශයක් ලබා ගැනීමට මෙම කැදවීම කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ මෙම සිදුවීම සිදුව ඇති බව අනාවරණය වී ඇත.

Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!