BREAKING NEWS
Search

දැන් ඇත්තටම හොර ගුහාව දේශපාලනය නෙමෙයි. රාජ්‍ය සේවය – ඇමැති ලාල් කාන්ත කියයි

469

දැන් ඇත්තටම හොර ගුහාව දේශපාලනය නොවන බවත් රාජ්‍ය සේවය බවත් අමාත්‍ය ලාල්කාන්ත මහතා ප්‍රකාශ කර සිටියා.

දැන් ඇත්තටම හොර ගුහාව දේශපාලන ක්ෂේත්‍රය නෙවෙයි, රාජ්‍ය සේවය. ඉතින් අපි බලන්නේ, ආ… මං ඇමති – මං හරියට හිටියොත් මගේ ලේකම්තුමත් හරියට ඉඳියි. අතිරේක ලේකම්වරු හොඳට ඉඳියි. ආයතන ප්‍රධානීන් – DG ලා – හොඳට ඉඳියි.මේ ආයතන ගොඩ දානවා. හොරකම්, වංචා දූෂණ කරන්න නෙමෙයි, තමන්ගේ පඩියත් නොගෙන වැඩ කරන්න ඇවිල්ල ඉන්න මිනිස්සු ඉන්නේ.

අපිට මේක හදාගන්න ඕන. අපි මේ කරන්නේ වෙන මොකටවත් නෙමෙයි රට හදා ගන්න, “නායකයෝ, වගකිව යුත්තෝ ආදර්ශමත්ව කටයුතු කළ යුතුයි’ කියන පණිවිඩය මිසක් ගොන් පාට් එකක් නෙමෙයි.

ඉතින් ඒ නිසා, රාජ්‍ය සේවයේ කොතැන හරි, ඔය ගොල්ලන්ගෙන් වැඩක් කර ගැනීම සඳහා කීයක් හරි ගන්න හැදුවොත්, ඔබට වගකීමක් තියෙනවා නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙන්න. නැත්නම් මේක වෙනස් කරන්න අපිට විතරක් උවමනාව තිබ්බට බැ…

පඩි මදි නම්, පඩි වැඩි කරගන්න සටන් කරන්න, ඒක හොඳයි. අපිත් දෙන්නම් සපෝර්ට් එකක් වෘත්තීය සමිති පැත්තෙන්.

Source – Helakuru esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *