BREAKING NEWS
Search

පැය 24ක් තුළ වාර්තා අලුත්කළ සිනමාපටයක් ගැන ඇසෙන ඇස් මවිතවන කතාවක් මෙන්න..

1407

 

 

අද වෙනකොට ලෝකයේම අවදානය දිනාගත්ත සිනමාපටයක් ගැනයි මේ කතාව.. ගීතු මොහන්දාස් අධ්‍යක්ෂණය කළ “Toxic” චිත්‍රපටය ගැනයි මේ කතාව.

කේ.ජී.එෆ් (KGF) චිත්‍රපට මාලාව හරහා ලොව පුරා ප්‍රසිද්ධියට පත් සුපිරි නළු යෝෂ් (Yash) රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන ‘Toxic” මේ වන විට නව වාර්තාවක් බිහිකර තිබෙනවා. ඒ මෙම චිත්‍රපටයේ ටීසරය පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ පෙරළිකාර වාර්තා තැබීමට සමත්ව තිබීමයි.

නිෂ්පාදක වෙන්කට් කේ. නාරායනගේ KVN Productions ආයතනය නිවේදනය කළ පරිදි, මෙම ටීසර් පටය විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මිලියන 200කට අධික නැරඹුම් වාර සංඛ්‍යාවක් සහ මිලියන 5.5කට අධික ‘likes’ ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා.

මේ චිත්‍රපටයේ සෙසු ප්‍රධාන චරිත සඳහා ඉන්දීය සිනමාවේ ජනප්‍රිය තරු රැසක් එක්ව සිටිනවා. කියාරා අද්වානි, නයන්තාරා, රුක්මිණි වසන්ත්, හුමා කුරේෂි, ටාරා සුතාරියා යන රංගන ශිල්පීන් ශිල්පිනියක් මෙහි රංගනයෙන් එක්වෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!