BREAKING NEWS
Search

සුනාමියෙන් පස්සේ අපි නැගී සිටියා.. – නාමල් රාජපක්ෂ

139

මීට වසර 21කට පෙර ඇති වූ සුනාමි ව්‍යසනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපක්ෂ මහතා සටහනක් තබා තිබේ. මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ස්වාභාවික විපත් හමුවේ ජාතියක් වශයෙන් නැවත නැගී සිටි අතර කෙතරම් බාධා හමුවේ වුවත් මෙරට දැවැන්ත සංවර්ධනයක් තුළින් නැවත ගොඩනැගූ බවයි.

මේ එම සටහනයි;

“රටම කම්පනයට පත් කරමින් සිදු වූ සුනාමි ව්‍යසනය සිදු වී වසර 21 ක් ගත වන අද දිනයේ එම ව්‍යසනයෙන් අප අතරින් සමු ගත් ආදරණීය ජනතාව සංවේගයෙන් සිහිපත් කරමි.

ස්වාභාවික විපත් හමුවේ අපි ජාතියක් වශයෙන් නැවත නැගී සිටියෙමු. කෙතරම් බාධා හමුවේ වුවත් මෙරට දැවැන්ත සංවර්ධනයක් තුළින් නැවත ගොඩනැගුවෙමු.

නැවත වතාවක් එවන් ව්‍යසනයන් සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමි!”

Source – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *