BREAKING NEWS
Search

ශ්‍රි ලාංකීය නිළි රැජිණ මාලනි ෆොන්සේකාට ඉක්මන් සුව පතා සිදු කරන්න යන පිංබර වැඩේ මෙන්න…

55

අපේ නිලි රැජිනට ඉක්මන සුවය ලැබේවා!!🙏❤️

නිලි රැජිනියන්ට ජාතියේ ආදරය සමගින් කඩිනම් සුවසෙත අත්වේවායි පතමු 🙏

ශ්‍රී ලාංකේය සිනමාවේ නිලි රැජින ලෙසින් කිරුළ පලන් ආචාර්ය මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා යනු අප දුටු ආසියාවේ ආශ්චර්යයි. මේ වන විට තරමක් අසනීප තත්වයෙන් පසුවන හෙයින් ප්‍රතිකාර ගනිමින් සිටින ඇයට මේ මොහොතේ අප සැවොම එක්ව කඩිනම් සුව සෙත පැතිය යුතු වන්නෙමු.
ඇයගේ ඉක්මන් සුවය වෙනුවෙන් අපේ සුව ප්‍රාර්ථනා එක් කිරීමේ විශේෂ ආශිර්වාදාත්මක බෝධි පූජාමය පිංකමක් එළඹෙන 09 වැනි ඉරුදින සවස් යාමයේ 4′ හෝරාවට කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට Silver Screen සංවිධානය සියලු කටයුතු සැලසුම් කොට ඇත. එනිසාවෙන් හැකි අයුරින් ඔබ සියලු දෙනාට ඒ වෙනුවෙන් සහභාගී වන්නැයි ඇරයුම් කරන්නෙමි.

ආදරණීය මාලිනී අක්කාට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් හැකි විගස කඩිනම් සුවසෙතම ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමි !!!

(දයාන් විතාරණ මහතාගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගැනීමකි)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *