පාදය අහිමි කල රියදුරාට සමාව දුන් උතුම් ස්වාමීන් වහන්සේ නමක් ගැන ඇසෙන කතාව මෙන්න

1842

 

ලෝක සාමය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය පුරා සැතපුම් 2300 ක් පමණ දුරක් Walk for Peace සඳහා වැඩම කරන පූජනීය මහා සංඝ රත්නය කෙරෙහි මේ දිනවල මුළු ලෝකයේම අවධානය යොමුව තිබේ.

පසුගියදා ඒ භික්ෂූන් වහන්සේලා අතර සිටි Phra Ajarn Maha Dam Phommasan ස්වාමීන්වහන්සේ පාගමන වැඩම කරන අතරතුරදී ට්‍රක් රථයක හැපී දරුණු අනතුරකට මුහුණ දුන්හ.

උන්වහන්සේව රෝහල්ගත කළ අතර, උන්වහන්සේගේ එක් පාදයක් ශල්‍යකර්මයකින් ඉවත් කරන්නට සිදු විය.

මේ තරම් අනතුරක් සිදුව තිබියදීත් උන්වහන්සේ අනතුරට වගකිවයුතු රියදුරාට දොස් නොපවරා එය ඉවසා වැඩ සිටියහ.

ඔහුට ශාප කිරීම, නීතියෙන් දඬුවම් ලබා දීම, ඔහුට දඬුවම් කිරීමට ශ්‍රාවකයන් ඇවිලවීම හෝ ඔහුව වැරදිකරුවෙකු ලෙස හැඳින්වීම වෙනුවට උන්වහන්සේ ඒ රියදුරාට සමාව දීම තෝරාගත්හ.

තමන්ගේ පාදය අහිමි වීම ධර්මය වෙනුවෙන් කළ කැපකිරීමක් බව උන්වහන්සේ පවසා ඇත.

මෛත්‍රිය, කරුණාව පැතිරවීම, සමාව දීම, ඉවසීම ආදී ගුණ ධර්මවල පිහිටා සිටිමින් උන්වහන්සේ සැබෑ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ ගුණය ප්‍රකට කළහ.

වෛරය වැඩෙන්නට, වෛරය පවත්වන්නටම උපදෙස් දෙන, ගිනි අවුළුවන, ලේ පිපාසිත කෙලෙස් බහුල ලෝකයක උන්වහන්සේලා වැනි සැබෑ බුද්ධ පුත්‍රයන් වහන්සේලා ගැන අසන්නටත් අප පින් කර තිබෙනවා විය යුතුය.

සුපටිපන්න ආදී සඟ ගුණ දරමින් ඒ භාග්‍යවතුන් වහන්සේ දෙසූ මඟ වඩින, ලොව පුරා වැඩසිටින සියලු බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපගේ ගෞරව නමස්කාරය වේවා…!!!

Copied




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!