ඔහුගේ මරණය තවමත් අබිරහසක්.. ලොවක් හඳුනන කාටුන් රුවකට හඬදුන් ඔහු ජීවන ගමනට සමුදෙයි..

1366

 

 

ඔහුගේ ඒ හඬ නිසාම ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක් මේ තරුණයා වටා ඉන්නවා.

මේ කියන්න යන්නේ අබිරහසක් ඉතුරු කර නික්ම ගිය සුප්‍රකට හඬකැවීම් ශිල්පියෙක් ගැන කතාවක්.

සුප්‍රකට මාර්වල් (Marvel) චිත්‍රපට මාලාවේ ස්පයිඩර් මෑන් චරිතයට ලතින් අමෙරිකානු ස්පාඤ්ඤ භාෂාවෙන් හඬ කැවූ සුප්‍රසිද්ධ මෙක්සිකානු ශිල්පී ඇලෙක්සිස් ඔර්ටේගා (Alexis Ortega) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 38 වැනි වියේ පසුවූවා.

ඔර්ටේගා පසුගිය ජනවාරි 24 වැනිදා මියගොස් ඇති බව වාර්තා වන නමුත්, ඔහුගේ මරණයට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වීම විශේෂත්වයක්.

ඔහුගේ පවුලේ සාමාජිකයින් හෝ මෙක්සිකානු බලධාරීන් මේ පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

හොලිවුඩ් නළු ටොම් හොලන්ඩ් (Tom Holland) රඟපෑ ස්පයිඩර් මෑන් චරිතයට ලතින් අමෙරිකානු රටවල් සඳහා හඬ ලබා දුන්නේ මොහු විසින්.

මීට අමතරව, ‘Big Hero 6’ හි තදාෂි හමාඩා, ‘Finding Dory’ සහ ‘Cars 3’ වැනි ජනප්‍රිය සජීවිකරණ චිත්‍රපට, ‘Luis Miguel: The Series’ වැනි ටෙලි නාට්‍යවල සිය හඬ ලබා දීම හේතුවෙන් ඔහු අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!