හිම, මොන තරම් සුන්දර වුණත් බොහෝ පිරිසක් අධික හිම පතනය නිසා අපහසුතාවට පත්වෙනවා.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ කතාවක්..

රුසියාවේ ඈත පෙරදිග පිහිටි කම්චැට්කාවට වසර 60කට පසුව ඇද හැලුණු විශාලතම හිම පතනය හේතුවෙන් මීටර් කිහිපයක් උස හිම කඳු නිර්මාණය වී ඇති බව එරට වාර්තා පවසනවා.
ඉන් ගොඩනැගිලිවල ඇතුළු වන දොරටු අවහිර වී වාහන පවා හිමට යට වී ඇති බවයි එහි දැක්වෙන්නේ.
කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානවල වාර්තාවලට අනුව, පසුගිය දෙසැම්බර් මාසයේ සිට ප්‍රදේශයට මීටර් පහකට වඩා වැඩි හිම පතනයක් ලැබී ඇති තිබෙනවා.
මේ හේතුවෙන් නිවෙස්වල ප්‍රධාන දොරටු වෙත යාමට පවා වැසියන්ට හිම අතරින් උමං හෑරීමට සිදුව ඇති බව සඳහන්.

දෙසැම්බර් මාසයේදී මීටර් 3.7 ක හිම පතනයක් වාර්තා වූ අතර, ඉන් පසුව ජනවාරි මාසයේ පළමු සති දෙක තුළ පමණක් ඇතැම් ප්‍රදේශවලට මීටර් 2 කට (අඩි 6.5 ක්) වඩා වැඩි හිම ප්‍රමාණයක් පතිත වී තිබෙනවා.
ජපානය දෙසට විහිදෙන මෙම අර්ධද්වීපයට අධික ලෙස හිම පතනය වීම සාමාන්‍ය දෙයක් වුවද, මෙවර තත්ත්වය අතිශය දරුණු බවයි වාර්තාවල දැක්වෙන්නේ.
මොස්කව් සිට කිලෝමීටර් 6,800 ක් (සැතපුම් 4,200 ක්) නැගෙනහිරින් පිහිටි පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි වරාය නගරයේ වෙසෙන ඡායාරූප ශිල්පිනියක වන ලිඩ්මිලා මොස්ක්විචේවා පවසා සිටියේ, තමා හෙට නගරයේ ඇවිදින්නට යාමට බලාපොරොත්තු වන නමුත් ඇගේ මෝටර් රථය මාසයක් තිස්සේ හිම කන්දක යටවී ඇති බවයි.

රුසියානු මාධ්‍යවල පළ වූ වීඩියෝ දර්ශනවලට අනුව, මාර්ග දෙපස මීටර් කිහිපයක් උසට හිම ගොඩගැසී ඇති අතර ඇතැම් ස්ථානවල ජනතාව මාර්ග සංඥා ලාම්පු මට්ටමට උසින් ඇති හිම කඳු මතින් ඇවිද යන අයුරු දැකගත හැකියි.
Hiru Gossip







