හිටපු කථානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වලගේ බිරිඳ අනතුරට ලක් කරමින් බීමතින් මෝටර් රථයක් පැදවීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයා මුදාහැර තිබෙනවා.
ඒ රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මතයි. මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ඊයේ ( 20 වැනිදා ) පස්වරුවේ එය නියම කළා.
සැකකරුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියම කළ අධිකරණය, නුගේගොඩ වෛද්‍ය පරික්ෂණ ආයතනයේ වෛද්‍ය පරික්ෂණයකට පෙනී සිට එහි වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් ඉදිරිපත් කරන ලෙසට ද සැකකරුට නියෝග කළා.
මෙලෙස ඇප මත මුදා හැරුණේ කලුතර උතුර, ජාවත්ත ප්‍රදේශයේ පදිංචි තිස්තුන් හැවිරිදි තැනැත්තෙක්.
මෙහිදි බියගම පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් වේරපිටිය ( 60352 ) විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සඳහන් කළා .
“මේ රිය අනතුරින් තුවාල ලැබු වෛද්‍යවරිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් වි එහි අංක 73 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. මේ වනවිට ඇය ප්‍රතිකාර ලබා රෝහලින් පිටවි නිවෙසට පැමිණ තිබෙනවා. ඇයගේ ප්‍රකාශයක් පොලිසිය සටහන් කර ගත්තා. නමුත් තවම වෛද්‍ය වාර්තාව ලැබී නැහැ. එය ලැබුණු විගසම පැමිණිල්ල ගොනු කරනවා.”

සැකකාර රියැදුරු වෙනුවෙන් පෙනී සිටී නීතීඥ බියන්කා ජයසුරිය විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ පැවසුවා.
“තම සේවාදායකයා දින කීපයක් රක්ෂිත බන්ධනාගාර ගත වී සිටියා. මේ අනතුරේදී තුවාල ලැබු වෛද්‍යවරිය රෝහලින් ප්‍රතිකාර ලබා පිටවී පැමිණ තිබෙනවා. ඒ නිසා තම සේවාදායකයාට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා.”
එහිදි දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ අධිකරණය රියදුරු ශරීර ඇප මත මුදා හැරීමට නියම කරමින් නඩුව ලබන සැප්තැම්බර් මස 08 වන දිනට කල් තැබුවා.
Hiru Gossip







