අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පනවන බවට පවසා තිබෙනවා.
මෙය, ගෝලීය ගැටුම් විසඳීම අරමුණු කරගත් ජනපති ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ගේ සහාය ලබා ගැනීමට සිදුකරණ උත්සහයක් බව සදහන්.
තමන්ට සහාය දක්වන බවට කළ ආරාධනය, ප්‍රංශ ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමට අදහස් කරන බවට සැලවීමත් සමඟ ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව පවසා ඇති බවයි විදේස් මාධ්‍ය පවසන්නේ.
“ඔහු එහෙම කිව්වද? හොඳයි, කිසිවෙකුත් ඔහුට කැමති නැහැ, මොකද ඔහු ඉතා ඉක්මනින් ධුරයෙන් ඉවත් වනවා.”

“මම ඔහුගේ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පනවනවා, ඔහු එවිට එක්වනු ඇති, නමුත් ඔහු එක්වියයුතුත් නෑ” යනුවෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා මාධ්‍යයට පවසනවා.
Hiru Gossip







