BREAKING NEWS
Search

පෙම් සුව විඳි ඔවුන්ගේ කාමරය වීඩි‍යෝ ගත කළ හෝටල් කළමනාකරුට වෙච්ච දේ මෙන්න..

1264

 

 

ඔවුන් දෙදෙනා එදා සවස මේ හෝටලය වෙත එන්නට ඇත්තේ නිදහසේ කාලය ගතකිරීමේ අරමුණෙන් වුණත්, අවසානයේ ඔවුන්ට සිදුවෙලා තියෙන්නේ කිසිවෙකුටත් අදහාගන්න බැරි කතාවක්.

මේ හෝටල් හිමිකරු මෙහෙම දෙයෙක් කරන්න ඇත්තේ මොන වගේ පරමාර්ථයකින්ද? කොහොම වුණත් මේ වන විට ඔහු කළ වරදට නීතියෙන් නිසි දඬුවම් ලැබේවි කියා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.

සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේ කාමර පහසුකම් සපයන හෝටලයක කාමරයක් වෙන් කරවා ගෙන පෙම් යුවලක් නැවති සිටියදී හොර රහසේ ඔවුන්ව විඩියෝ කිරීම සම්බන්ධව අත් අඩංගුවට ගත් එහි කළමනාකරු මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ නියම කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙහිදි සපුගස්කන්ද පොලිසියේ අපරාධ මර්දන විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියා.

“ඉකුත් 31 වැනිදා එම පෙම් යුවලේ පෙම්වතා විසින් මාර්ග ගත ක්‍රමයක් ඔස්සේ මේ හෝටලයේ කාමරයක් වෙන් කරවා ගෙන තිබෙනවා. පසුව මෙදින සවස 4 ට පමණ එම යුවල හෝටලයට පැමිණ තිබෙනවා. පසුව රාත්‍රී කාලයේ ඔවුන් කාමරය තුළ සිටිනවිට එහි කුඩා සිදුරකින් එළියක් දැක තිබෙනවා. පසුව ඔවුන් මෙය සොයා බැලීමේදී සැකකරු විසින් ජංගම දුරකථනයකින් ඔවුන් විඩියෝ කළ බවට තහවුරු වී තිබෙනවා. පසුව ඔවුන් මේ සිද්ධිය පොලිසියට දැනුම් දුන්නා.

මේ අනුව පොලිස් නිලධාරීන් එහි ගොස් සැකකරු ළඟ තිබු ඔහුගේ ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙක පරීක්ෂා කිරීමේදී එහි අසභ්‍ය විඩියෝ දර්ශන අන්තර්ගත වී තිබුණා. පසුව ඔහු අත් අඩංගුවට ගෙන ඇති අතර, මෙහි විමර්ශන අවසන්ව නැහැ.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *